Monday, May 28, 2012

පයිතන් Document එකක් Save කිරීම




start-> all programs->Python IDLE එක open කර ගන්න.


file->New window ලබා ගන්න. එහි පයිතන් program එක සටහන් කරන්න


file->Save As ගොස් .py extension එකෙන් පහත පරිදි save කරන්න.


program ‍එක ලියූ window එකට ගොස් Run->Run Module හෝ Key Board එකේ F5 බොත්තම ඔබන්න
පහත පරිදි program එක Run  වන අයුරු දැක ගත හැකිය.
වැඩසටහන නැවත ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වූ විටෙක IDLE එක Open කර File->Open මගින් අදාල save කළ තැන දක්වා F5 බොත්තම ඔබන්න

Monday, May 14, 2012

Main Memory(ප්‍රධාන මතකය)



Main Memory කියන එකෙන් අදහස් කරන්නේ RAM (Randam Access Memory-සසම්භාවී ප්‍රවේශ මතකය)  එකයි.  ඕනෑම program එකක්(වැඩසටහනක්)  Hard එකේ CD-ROM එකේ  හෝ External Device එකක තිබුණත් එය execute(ක්‍රියාත්මක) කිරීමට පෙර RAM එකට load කළ යුතුයි.  Ram  එකේ  හා Hard එකේ කාර්යය පහසුවෙන් තේරුම් ගැනීමට පහත උදාහරණය සලකන්න.
අපි දෙපසින් ලාච්චු ගොඩක් තියෙන  ලියන මේසයක් ගැන හිතමු.  ලාච්චු වල ඕන තරම් files තැන්පත් කරල තියන්න පුළුවන්. නමුත් ඒවා ලාච්චුව ඇතුළෙ තියෙද්දි ප්‍රයොජනයට ගන්න බෑ. ප්‍රයෝජනයට ගන්නනම් මේසය මතුපිටට ගන්න ඕන. 
මේස ලාච්චු හරියට Hard එක වගේ.Hard  එකේ file එකක් තියෙනකොට ප්‍රයෝජනයට ගන්න බෑ. ප්‍රයෝජනයට ගන්නනම් එය Ram එකට load කළ යුතුයි. ඒ කියන්නෙ Ram එක හරියට මේසය මතුපිට වගේ. තව දෙයක් තියෙනවා, මේස ලාච්චු වල ධාරිතාවය(තැන්පත් කළ හැකි ගොනු ප්‍රමාණය)ට ව‍ඩා  මේසය මතුපිට ධාරිතාවයට වඩා අඩුයි. හරියට Hard එකෙයි Ram එකෙයි ධාරිතාවයන් ‍‍වගේ. 320GB, 500 GB ආදී වශයෙන් Hard Drives වල ධාරිතාවයන් තිබුණත්  Ram වල ධාරිතාවයන් වන්නේ  1GB, 3GB ආදී වශයෙනුයි.

SRAM(Static Random Access Memory) හා  DRAM(Dynamic Random Access Memory) ‍වශයෙන් Ram වර්ග දෙකක් තිබෙනවා. අපි සාමාන්‍යයෙන් Ram එක ලෙස හඳුන්වන්නේ DRAM එක. DRAM, SRAM වලට වඩා  වේගයෙන් හා මිලෙන් අඩුයි.  ඒ වගේම DRAM තත්පරයකට දහස් වතාවක් refresh කළ යුතු වෙනවා. SRAM  බොහෝවිට cache memory(නිහිත මතකය) සඳහා භාවිතා වනවා. cache  memory හා Memory Hierarchy පිළිබඳව පසුව හදාරමු.

Friday, May 11, 2012

Python Dictionaries


list එකක‍ හෝ tuple එකක තබා ගත හැක්කේ එක් වර්ගයක දත්ත පමණි. ඇතැම් අවස්ථාවලදී එය ප්‍රමාණවත් නොවේ. 
පහත උදාහරණය සලකන්න.
‍අපට ක්‍රීඩකයෙක් සහ ඔහු නියොජනය කරන රට එකට නිරූපණය කිරීමට අවශ්‍යනම් ඒ සඳහා list හෝ tuple සුදුසු නොවේ.
මේ සඳහා dictionary යොදාගත යුතුය. dictionary එකක් {} වරහන් මගින් නිරූපණය කරනු ලැබේ.
AL ICT HELP PYTHON DICTIONARIES










dictionary එකක පොදු නිරූපණය වන්නේ {key:value} ආකාරයයි.ඉහත උදාහරණයේ ක්‍රීඩකයාගේ නම k‍ey එක ලෙසත් රටේ නම value එක ලෙසත් ගනු ලබයි. සාමාන්‍යයෙන් key එක ලෙස අප දන්නා අගයත් value එක ලෙස අපට දැනගත යුතු, අදාල key එකට සම්බන්ධ අගයකුත් යොදා ගනී.



අනෙකුත් පයිතන් පාඩම්

Thursday, May 3, 2012

Python Tuples

මීට පෙර පාඩමකින් අපි list පිළිබඳ හැදෑරීමක් කළා. tuple  එකක් කියන්නේ  immutable list එකක්. ඒ කියන්නේ අගයන් වෙනස් කළ නොහැකි ස්ථිර list එකක්. tuple  එකක් declare ‍කරන්නේ () වරහන් දෙකක් දාලා. list එකක් declare කරන එකෙයි tuple  එකක් declare කරන එකෙයි තියෙන එකම වෙනස තමයි ඒ. list  එකක් declare කරන්නේ [] වරහන් දෙකක් යොදාගෙන.
පහත උදාහරණය සලකන්න.

මුලින්ම tuple එකක්  declare කර තිබෙනවා. ඉන්පසු type() function එක මගින් එහි type එක ලබාගෙන තිබෙන‍වා. පසුව tuple එකේ මුල්ම අවයවය සඳහා වෙනත් අගයක් ආදේශ කිරීමට උත්සාහ ගෙන තිබෙන‍වා list එකකදී මෙන්. නමුත් එසේ කළ නොහැකි බව දන්වමින් error එකක් ලබා දී තිබෙන‍වා.  මේ හේතුව නිසා අගයන් වෙනස් කළ නොහැකි list එකක් ලෙස tuple එකක් හඳුන්‍වනවා.
AL ICT HELP PYTHON TUPLES
අනෙකුත් පයිතන් පාඩම්
පයිතන් ඉගෙන ගනිමු
විචල්‍යයන්(Variables)
සංඛ්‍යා(Numeric Operations)
මොඩියුලො බෙදීම (Modulo Division)
සුළු කිරීමේ  ප්‍රමුඛතාව(Order Of Numeric Operations)
බූලියන් ගණිත කර්ම(Boolean Operations)
if elif else හි යෙදීම්
පරිශීලක ආදාන(User Inputs)
range function
Continue Statement
Break Statement
Python Lists
Python Tuples
Python Dictionaries