Tuesday, January 29, 2013

ව්‍යාජ කේත(Pseudocode)

කිසියම් වැඩසටහනක ක්‍රියාකාරීත්වය පියව‍රෙන් පියවර ක්‍රමානුකූලව සරල බසින් ( සැබෑ පරිගණක භාෂාවකට පරිවර්තනය කළ හැකි පරිදි) දැක්වීම ව්‍යාජ කේත මගින් සිදු වේ. ව්‍යාජ කේත ලිවීම සඳහා සම්මත සම්මුතියක් නැතත් ක්‍රමලේඛ පිළිබඳ අවබෝධයක් නොමැති අයෙකුට වුවද තේරුම් ගත හැකි වන පරිදි සරලව ඉදිරිපත් කෙරේ.
උදා:-
පැය ගණන හා පැයකට අය කරන ගාස්තුව ඇතුළත් කළ විට ගෙවිය යුතු මුළු මුදල ගණනය කර ප්‍රතිදානය කරන සරල වැඩසටහනක් සඳහා ව්‍යාජ කේතයක් ලියමු

Begin
     input hours
     input rate
     pay=hours*rate
     print pay
End

මෙම   ව්‍යාජ කේතය ගැලීම් සටහනක් මගින් පහත පරිදි දැක්විය හැකිය.
 

 පහත උදාහරණය සලකා බලන්න.
කිසියම් පුද්ගලයෙකු සඳහා ගෙවනු ලබන ශුද්ධ වැටුප(netPay ) තීරණය කරනු ලබන්නේ ඔහු‍ගේ දළ වැටු(grossPay ), 50 000ට වඩා වැඩිනම් බදු මුදල්(taxes) අඩු කිරීමෙනි.දළ වැටුප 50 000ට වඩා ඩුනම් ශුද්ධ වැටුප දළ වැටුපට සමාන වේ.
Begin 
    input name,grossPay, taxes
    if grossPay> 50000
netPay = grossPay – taxes
    else
netPay = grossPay
    endif
    write name, netPay
End



1 comment:

  1. if condition eka kihipaserayak yedimedi use karaddi hema condition ekama endif kalayuthuda?

    ReplyDelete