Home

උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය(AL ICT) විෂයක් විදියට හදාරන හැමෝටම උදව්වක් වෙන අරමුණෙන්  මේ බ්ලොග් එක ලියන්න පටන් ගත්තේ. විශේෂයෙන්ම විෂය නිර්දේශයට අයත් ප්‍රායෝගික කොටස් වලට අත් වැලක් වෙන්න  බලාපොරොත්තු වනවා. බොහෝ දෙනාට පයිතන් ඉගෙනුමට මනා ප්‍රවේශයක් ලබා ගැනීමට අපහසුයි.  අදාල සම්පත් නොමැතිවීම හා විශේෂයෙන් ප්‍රායෝගික ගැටලු නිරාකරණය කර ගැනීමට විධිමත් මාර්ගයක් නොමැතිවීම එයට ප්‍රධාන හේතුවක්. ඒ වගේම සිංහල බසෙන් පළ වන පොත් පත් සොයා ගැනීමට නොමැති තරම්. ඒ සියල්ලටම විසඳුමක් ලෙස උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ විෂය හදාරන අයට මේ blog එක යොදා ගැනීමේ හැකියාව තිබෙනවා. සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම හදාරන සිසුන්ට උපකාරී වන අයුරින් සාමාන්‍ය ව්‍යවහාරයේ යෙදෙන වචන යොදාගෙන මෙහි පැහැදිලි කිරීම් සිදුකර තිබෙනවා. සිංහල බසින් විෂය හදාරන අයෙකුට කිසියම් ඉංග්‍රීසි වචනයකට අදාල සිංහල වචනය දැනගත යුතුනම් එය පහත link එක මගින් සිදුකළ හැකියි.
sinhala ICT glossary
ඔබේ ගැටළු මේ විද්‍යුත් ලිපිනයට යොමු කරන්න​.(dumindaukk@gmail.com)

ඔයාල දන්නවා පරිගණක භාෂාවකින් කරන්නේ පරිගණක සඳහා වැඩසටහන් නිර්මාණය කිරීම​, එහෙම නැතිනම් පරිගණකයට ක්‍රියා කරන්න ඕනෙ කොහොමද කියල  උපදෙස් ලබා දෙන එක​. පයිතන් කියල කියන්නේ ජාවා වලට පස්සෙ බිහිවුණ හොඳ​ පරිගණක භාෂාවක්. පයිතන් වල සුවිශේෂී ලක්ෂණ ගණනාවක්ම තියෙනවා.
*Program එකක් ලියන්න පාවිච්චි කල යුතු code lines ගණන අඩු වීම​.
* පහසුවෙන් හා වේගයෙන් code කළ හැකි වීම​
*ඉතා හොඳ inbuilt functions හා data structures තිබීම ආදී වශයෙන්...
*ඔයාල දන්නවද youtube, bittorrent වගේම​ හුඟක් GIS applications  හදල තියෙන්නෙ පයිතන් වලින් කියලා.

පයිතන් ඉගෙන ගන්න යනකොට ඇතිවන මූලික ගැටලුවක් තමයි internet එකේ තියෙන code එකක් සමහර විට අපට ඒ විදියටම run කරන්න බැරි වීම​. මේකට ප්‍රධාන හේතුවක් තමයි පයිතන් වල එක එක version එකෙන් version එකට commands වෙනස් වීම​. ඒ නිසා  syllabus එකට අනුව version එක 2.6 හෝ ඊට වඩා කලින් ආව එකක් පාවිච්චි කරනවනම් හොඳයි. මම උදාහරණ දක්වලා තියෙන්නෙ 2.5.4 version එකෙන්. ඔයාලට ඒක මේ link එකෙන් download කරගන්න පුලුවන්.
http://www.python.org/getit/releases/2.5.4/
 පයිතන් පාඩම් මාලාව මෙතනින් අරඹන්න.



පයිතන් පාඩම්
පයිතන් ඉගෙන ගනිමු
විචල්‍යයන්(Variables)
සංඛ්‍යා(Numeric Operations)
පයිතන් Document එකක් Save කිරීම
මොඩියුලො බෙදීම (Modulo Division)
සුළු කිරීමේ  ප්‍රමුඛතාව(Order Of Numeric Operations)
බූලියන් ගණිත කර්ම(Boolean Operations)
if elif else හි යෙදීම්
පරිශීලක ආදාන(User Inputs)
range function
Continue Statement
Break Statement
Python Lists
Python Tuples
Python Dictionaries

නෙකුත් පාඩම්
පරිගණක භාෂාවල පරිණාමය. 
ගැලීම් සටහන් 

No comments:

Post a Comment