Operating System


Main Memory(ප්‍රධාන මතකය)
Main Memory කියන එකෙන් අදහස් කරන්නේ RAM (Randam Access Memory-සසම්භාවී ප්‍රවේශ මතකය)  එකයි.  ඕනෑම program එකක්(වැඩසටහනක්)  Hard එකේ CD-ROM එකේ  හෝ External Device එකක තිබුණත් එය execute(ක්‍රියාත්මක) කිරීමට පෙර RAM එකට load කළ යුතුයි.  Ram  එකේ  හා Hard එකේ කාර්යය පහසුවෙන් තේරුම් ගැනීමට පහත උදාහරණය සලකන්න.
අපි දෙපසින් ලාච්චු ගොඩක් තියෙන  ලියන මේසයක් ගැන හිතමු.  ලාච්චු වල ඕන තරම් files තැන්පත් කරල තියන්න පුළුවන්. නමුත් ඒවා ලාච්චුව ඇතුළෙ තියෙද්දි ප්‍රයොජනයට ගන්න බෑ. ප්‍රයෝජනයට ගන්නනම් මේසය මතුපිටට ගන්න ඕන. 
මේස ලාච්චු හරියට Hard එක වගේ.Hard  එකේ file එකක් තියෙනකොට ප්‍රයෝජනයට ගන්න බෑ. ප්‍රයෝජනයට ගන්නනම් එය Ram එකට load කළ යුතුයි. ඒ කියන්නෙ Ram එක හරියට මේසය මතුපිට වගේ. තව දෙයක් තියෙනවා, මේස ලාච්චු වල ධාරිතාවය(තැන්පත් කළ හැකි ගොනු ප්‍රමාණය)ට ව‍ඩා  මේසය මතුපිට ධාරිතාවයට වඩා අඩුයි. හරියට Hard එකෙයි Ram එකෙයි ධාරිතාවයන් ‍‍වගේ. 320GB, 500 GB ආදී වශයෙන් Hard Drives වල ධාරිතාවයන් තිබුණත්  Ram වල ධාරිතාවයන් වන්නේ  1GB, 3GB ආදී වශයෙනුයි.

SRAM(Static Random Access Memory) හා  DRAM(Dynamic Random Access Memory) ‍වශයෙන් Ram වර්ග දෙකක් තිබෙනවා. අපි සාමාන්‍යයෙන් Ram එක ලෙස හඳුන්වන්නේ DRAM එක. DRAM, SRAM වලට වඩා  වේගයෙන් හා මිලෙන් අඩුයි.  ඒ වගේම DRAM තත්පරයකට දහස් වතාවක් refresh කළ යුතු වෙනවා. SRAM  බොහෝවිට cache memory(නිහිත මතකය) සඳහා භාවිතා වනවා. cache  memory හා Memory Hierarchy පිළිබඳව පසුව හදාරමු.

1 comment: