Other

පරිගණක භාෂාවල පරිණාමය
(Evolution Of Computer Languages)


පළමු පරම්පරාවේ පරිගණක භාෂා(යන්ත්‍ර භාෂා-Machine Languages )
*  සියලු විධාන 0 සහ 1 යන ද්විමය කේත භාවිතයෙන් ප්‍රකාශ කළයුතු වේ.

* වැඩහටහන් සම්පාදනය හා විධාන පරිගණකයට ඇතුලත් කිරීම ඉතාම සංකීර්ණ කාර්යයකි.

* යන්ත්‍රයේ වර්ගය මත යැපෙන භාෂාවකි. එනම් එක් වර්ගයක සකසුවක් සඳහා සම්පාදනය කල ක්‍රමලේඛයන් වෙනස් වර්ගයක සකසුවක් මත ක්‍රියාත්මක කල නොහැක.

*පරිගණකයේ විවිද දෘඩාංග පිළිබඳව මනා දැනීමක් තිබිය යුතුය.


දෙවන පරම්පරාවේ පරිගණක භාෂා  (එසෙම්බ්ලි භාෂා- Assembly Languages )

* විධාන ADD  , SUB වැනි සරල සංකේත නාමයන් මගින් දැක්විය හැකිය.

* සරල සංකේත නාම භාවිතයෙන් පරිගණක මතකයේ දත්ත ගබඩා කිරීමට හා නැවත ලබාගැනීමට හැක.

* ක්‍රම ලේඛයන් නිදොස් කිරීම ( Debugging ) යන්ත්‍ර භාෂා ක්‍රමලේඛ නිදොස් කිරීමට වඩා පහසුය.
*  යන්ත්‍ර මත යැපෙන භාෂාවන් වේ.
* ක්‍රමලේඛ ලිවිම සඳහා දෘඩාංග පිලිබඳ හොඳ දැනුමක් අවශ්‍යය.
 

තුන්වෙනි පරම්පරාවේ පරිගණක භාෂා (ඉහළ මට්ටමේ භාෂා -High Level Languages)
*  ඉංග්‍රීසි වැනි අපට සමීප භාෂාවන් මත පදනම් වී ඇත.

*  යන්ත්‍ර මත යැපෙන භාෂාවක් නොවේ.

*  ක්‍රමලේඛ ලිවීමට හා ඒවා නිදොස් කිරීමට පහසුය.

උදාහරණ

VB, Fortran (formula Translation) , Java, COBOL (Common Business Oriented Language),  C/C++,Delphi, ALGOL
හතරවෙනි පරම්පරාවේ පරිගණක භාෂා ( නිර්මාපිත භාෂා-Artificial Languages )
ඉංග්‍රීසි වැනි මානව භාෂාවන්ට ඉතා බවක් දක්වයි.

සාමාන්‍ය මිනිස්සුන්ටකෙටි කාලයකින් ඉගෙන ගැනීමට හැකිය.

ඉතා අඩු හෝ අවම  විධාන සංඛ්‍යාවකින් කාර්යයන් කරගැනීමට හැකිය.

උදාහරණ 

SQL, Panther, Oracle Reports, MATLAB

No comments:

Post a Comment