Networking

IP Address එක කියන්නේ 32 bit අංකයක්. ඒ කියන්නේ byte 4ක අංකයක්.   byte එක ගානෙ කොටස් 4 කට බෙදල දෙකේ පාදයෙන් හෝ දහයෙ පාදයෙන් IP Address එක දක්වන්න පුළුවන්.
උදා


10101100.00010000.11111110.00000001=172.16.254.1


network එකකට සම්බන්ධ වෙලා තියෙන, internet protocol එක පාවිච්චි කර සන්නිවේදනය කරන හැම 
device  එකක්ම(computer එකක්, printer එකක් හෝ වෙනත් උපාංගයක්) අනන්‍යව හඳුනාගැනීම සඳහා IP Address එක පාවිච්චි කරනවා.
IP Address එක A,B,C,D,E යනුවෙන් පන්ති (Classes) 5කට බෙදා දැක්විය හැකියි.
දහයේ පාදයෙන් දක්වා ඇතිවිට පළමු ඛණ්ඩයේ ඇති අගය දෙස බැලීමෙන් අදාල පන්තිය නිගමනය කළ හැකියි.
Class A 1-126
Class B 128-191
Class C 192-223
Class D 224-239
Class E 240-254


මේ අනුව ඉහත උදාහරණයේ දක්වා ඇති IP Address එක 172 න් පටන් ගන්නා නිසා එය Class B එකට අයිති වේ. මේ පිළිබඳ වැඩි විස්තර මීළඟ පාඩමෙන් හදාරමු.

No comments:

Post a Comment