Function එකක් ලිවීමේදී පහත දේ වැදගත් වේ
*def යනුවෙන් ආරම්භ කළ යුතුය.
*ඉන් පසු Function එකේ නම සඳහන් විය යුතුය.
*වරහන් තුළ Parameters දැක්විය යුතුය.
Function එකක සාමාන්‍ය ස්වරූපය පහත පරිදි වේ.
def NAME(PARAMETERS):
STATEMENTS
උදාහරණයක් සලකා බලමු
පහත දක්වා ඇත්තේ සෘජුකෝණාස්‍රයක වර්ගඵලය ගණනය කිරීම සඳහා ලියන ලද Function එකකි.
මෙහි Function එකෙහි නම get_area වන අතර length හා width යනු parameters වේ. එනම් Function එක ආදාන(inputs) ලෙස ලබාගන්නා අගයන් වේ.
length හා width යනුවෙන් ලැබෙන අගයන් දෙක ගුණකර area නම් වචල්යයේ(variable) තබාගෙනී.
Area of the regtangle is යනුවෙන් ප්‍රදර්ශනය කර අවසානයේ area හි අගය ප්‍රදර්ශනය කිරීම මෙම Function එක මගින් සිදු කෙරේ.
length හා width වලට එක් එක් අගයයන් සපයමින් ඕනෑම සෘජුකෝණාස්‍රයක වර්ගඵලය ගණනය කිරීම සඳහා මෙම Function එක භාවිතා කළ හැක.
අදාල Function එක ක්‍රියාත්මක(call) කරන්නේ පහත ආකාරයටය.
get_area එනම් Function එකෙහි නමට පසු ඉහත දැක්වෙන ආකාරයට length හා width සඳහා අගයන් සටහන් කර Enter කළ විට ඉහත පරිදි ප්‍රතිපලය දිස් වේ.
length=7 ,width=6 වන සෘජුකෝණාස්‍රයක වර්ගඵලය ගණනය කිරීම පහත පරිදි සිදුකළ හැක. නැවත නැවත Function එක ලිවීම අවශ්‍ය නොවේ. එය call කිරීමෙන් අදාල ප්‍රතිපලය ලබාගත හැක.
No comments:
Post a Comment