(Evolution Of Computer Languages)
පළමු පරම්පරාවේ පරිගණක භාෂා(යන්ත්‍ර භාෂා-Machine Languages )
* සියලු විධාන 0 සහ 1 යන ද්විමය කේත භාවිතයෙන් ප්‍රකාශ කළයුතු වේ.
* වැඩහටහන් සම්පාදනය හා විධාන පරිගණකයට ඇතුලත් කිරීම ඉතාම සංකීර්ණ කාර්යයකි.
* යන්ත්‍රයේ වර්ගය මත යැපෙන භාෂාවකි. එනම් එක් වර්ගයක සකසුවක් සඳහා සම්පාදනය කල ක්‍රමලේඛයන් වෙනස් වර්ගයක සකසුවක් මත ක්‍රියාත්මක කල නොහැක.
*පරිගණකයේ විවිද දෘඩාංග පිළිබඳව මනා දැනීමක් තිබිය යුතුය.
දෙවන පරම්පරාවේ පරිගණක භාෂා (එසෙම්බ්ලි භාෂා- Assembly Languages )
* විධාන ADD , SUB වැනි සරල සංකේත නාමයන් මගින් දැක්විය හැකිය.
* සරල සංකේත නාම භාවිතයෙන් පරිගණක
මතකයේ දත්ත ගබඩා කිරීමට හා නැවත ලබාගැනීමට හැක.
* ක්‍රම ලේඛයන් නිදොස් කිරීම ( Debugging
) යන්ත්‍ර භාෂා ක්‍රමලේඛ නිදොස් කිරීමට වඩා පහසුය.
* යන්ත්‍ර මත යැපෙන භාෂාවන් වේ.
* ක්‍රමලේඛ ලිවිම සඳහා දෘඩාංග පිලිබඳ
හොඳ දැනුමක් අවශ්‍යය.
තුන්වෙනි පරම්පරාවේ පරිගණක භාෂා (ඉහළ මට්ටමේ භාෂා -High Level Languages)
* ඉංග්‍රීසි
වැනි අපට සමීප භාෂාවන් මත පදනම් වී ඇත.
* යන්ත්‍ර මත
යැපෙන භාෂාවක් නොවේ.
* ක්‍රමලේඛ ලිවීමට
හා ඒවා නිදොස් කිරීමට පහසුය.
උදාහරණ
VB, Fortran
(formula Translation) , Java, COBOL (Common Business
Oriented Language), C/C++,Delphi,
ALGOL
හතරවෙනි පරම්පරාවේ පරිගණක භාෂා ( නිර්මාපිත භාෂා-Artificial
Languages )
* ඉංග්‍රීසි වැනි මානව භාෂාවන්ට ඉතා බවක් දක්වයි.
* සාමාන්‍ය මිනිස්සුන්ටකෙටි කාලයකින් ඉගෙන ගැනීමට හැකිය.
* ඉතා අඩු හෝ අවම විධාන සංඛ්‍යාවකින් කාර්යයන් කරගැනීමට හැකිය.
උදාහරණ
SQL, Panther, Oracle
Reports, MATLAB
No comments:
Post a Comment