MCQ



01)r=11; y=2.5; c=4 වශයෙන් r,y,c විචල්‍යවලට අගය පවරා ඇත. ඒ අනුව r%3*c+10/y යන පයිතන් ප්‍රකාශනයේ නිවැරදි අගය කුමක්ද?

1)6.2
2)8.0
3)12.0
4)24.0
5)40.0


විවරණය
ප්‍රකාශනයට ආදේශ කළ විට පහත පරිදි වේ.
11%3*4+10/2.5
11, 3න් බෙදූවිට ඉතිරිය 2 නිසා 11%3 =2 වේ(මොඩියුලො ගණිත කර්මය ගැන දැනගන්න).2*4+10/2.5=8+4 එමනිසා පිළිතුර 12.0 වේ


02) පහත පයිතන් ක්‍රමලේඛයේ ප්‍රතිදානය කුමක්ද?
j=10
y=4
if j<y or j!=4:
        j-=y

        print j
else:
      y*=j
      print y


  1)4
  2)6
  3)10
  4)10
  5)40


විවරණය
j=10
y=4

if j<y or j!=4:           # 10<4 හෝ 10 අසමානයි 4 නම්:
     j-=y                     # j=j-y j-y හි අගය j variable එකේ රඳ‍වාගන්න

        print j
else:
      y*=j  #y*j හි අගය y variable එකේ රඳ‍වා ගන්න.
      print y






#j හි අගය 4ට අසමාන නිසා if statement එක තුළට යයි.
y=10-4 එනම් පිළිතුර 6 වේ.

3)
විවරණය
පිළිතුරු පහේම පළමු දත්ත වර්ගය ලෙස තිබෙන්නේ string ය. එම නිසා පිළිතුර ලබා ගැනීමට දෙවන දත්ත වර්ගය නිරීක්ෂණය කළ යුතුය. දෙවැනියට  ඇත්තේ list එකක් බව ඔබ දන්නවා ඇත. list පිළිබඳව මෙතැනින් හදාරන්න. දෙවන දත්ත වර්ගය ලෙස list ඇත්තේ 5 වන පිළිතුරේ පමණි. එමනිසා පිළිතුර 5 වේ.
4)


විවරණය
C පන්තියට අයත් වන්නේ 192-223 දක්වා පරාසයයි. එම පරාසයේ B,C,D ලිපින පවතී. එමනිසා පිළිතුර 4 වේ. වැඩි විස්තර මෙතනින්.

No comments:

Post a Comment