අනෙකුත් පයිතන් පාඩම්
Friday, March 30, 2012
range function
range function එකෙන් කෙරෙන්නේ බිංදුවෙන් පටන්ගෙන වරහන් ඇතුළෙ දෙන අගයට එකක් අඩු අගය දක්වා print කරන එකයි.
Thursday, March 29, 2012
පරිශීලක ආදාන(User Inputs)
පරිශීලකයාගෙන් ආදාන(User Inputs) ලබාගන්නා අයුරු මෙහිදී සලකා බලමු. මින් ඉහත පාඩම් වල සාකච්ඡා කර ඇති උදාහරණයම marks, user input එකක් ලෙස ලබාගෙන විසඳමු.
raw_input() inbuilt function එක මගින් string එකක් return කරන නිසා එයට පිටතින් int යැයි යොදා එය integer value එකක් බවට පත් කර ඇත.
marks variable එකේ Type එක පළමුව string ලෙසද දෙවනුව integer ලෙසද දක්වයි.

Monday, March 26, 2012
if elif else හි යෙදීම්
පහත උදාහරණය සලකා බලන්න
අපට කිසියම් විෂයකට ලකුණු(marks) 50ට වඩා වැඩිනම් pass යනුවෙන්ද එසේ නොවේනම් fail යනුවෙන්ද දක්වන පයිතන් වැඩසටහනක් පහත පරිදි ලිවිය හැකියි.
සැලකිය යුතුයි.
උදාහරණයේ දක්වා ඇති පරිදිම "Tab Spaces" දැක්විය යුතුයි. නැතහොත් 'Syntax Error' යනුවෙන් දක්වයි.
පහත පරිදි ඔබට ලිවිය නොහැක.
if(marks)>50:
print 'pass'
else:
print 'fail'
මෙහි else statement එක සඳහා අනවශ්‍ය Tab එකක් ඇත.
අදාල ප්‍රතිදානය(Output) ලබා ගැනීම සඳහා "Enter" Key එක දෙවරක් press කළ යුතුය
දී ඇති ලකුණ සඳහා වඩා විශ්ලේෂණාත්මකව ශ්‍රේණිය වෙන් කරන පහත උදාහරණය සලකා බලන්න.
marks විචල්‍යයේ අගය 62 නිසා, එනම්50 ට වැඩි හා 65 ට අඩු නිසා ප්‍රතිදානය C ලෙස ලැබේ.

Wednesday, March 21, 2012
බූලියන් ගණිත කර්ම(Boolean Operations)
True හා False යනුවෙන් අගයන් දෙකක් පමණක් ඇති විචල්‍යයන් වලට බූලියන් සංඛ්‍යා යැයි කිව හැකියි. ඔබ තාරකික වගු (Logic Gates) හදාරා ඇත්නම් ඒ දැනුම ඒ ආකාරයෙන් ම මෙහිදී භාවිතා කළ හැකියි.
a යනුවෙන් බූලියන් විචල්‍යයක් හඳුන්වා දී එහි Type එක බැලූවිට ' bool' ලෙස ලැබේ.
a,b,c,d යනුවෙන් බූලියන් විචල්‍යයන් 4ක් හඳුන්වා දී ඒවා තාර්කික AND හා OR ගණිත කර්ම වලට භාජනය කරමු.
True හා False වල T හා F අකුරු කැපිටල්
විය යුතුයි.
* and හා or සිම්පල් අකුරින් දැක්විය යුතුයි.
and හා or දෙකම අඩංගු උදාහරණයක් සලකා බලමු.
මෙහිදී වරහන් තුළ ඇති කොටස පළමුව සුළු කරයි
*සියලු අංක සහ අකුරු True වේ.
නමුත් 0 හා '' හි අගය False වේ.
*and ගණිත කර්මයේදී පළමු අගය True නම් දෙවන අගය ප්‍රතිදානය කරයි.
'a' and 'b' ගත් විට 'a' හි අගය True නිසා 'b' (ප්‍රතිදානය) return කරයි.
*and ගණිත කර්මයේදී පළමු අගය False නම් පළමු අගයම ප්‍රතිදානය කරයි.
*or ගණිත කර්මයේදී පළමු අගය True නම් පළමු අගය ප්‍රතිදානය කරයි.
*or ගණිත කර්මයේදී පළමු අගය False නම් දෙවන අගය ප්‍රතිදානය කරයි.
.
.
.
.
.
.
.
0 හා '' False අගයන් ලෙස සැලකෙන නිසා පහත ප්‍රතිපල ලැබේ.
අනෙකුත් පයිතන් පාඩම්
Monday, March 19, 2012
සුළු කිරීමේ ප්‍රමුඛතාව(Order Of Numeric Operations)
වීජ ගණිතයේදී මෙන්ම පයිතන් වලදීද ගණිත කර්ම වල ප්‍රමුඛතාව පහත පරිදි වේ.
1)වරහන්()
2)දර්ශක
3)ගුණ කිරීම,බෙදීම
4)එකතු කිරීම,අඩු කිරීම
5)ඍණ ලකුණ
*එක හා සමාන ප්‍රමුඛතාව හිමි ගණිත කර්ම තිබුනහොත් වමේ සිට පිළිවෙලින් සුළු කරයි.
උදා.
පහත උදාහරණය සලකා බලන්න.
3+10/4*4 සුළු කරන්න
පිළිතුර 13 නම් ඔබ වැරදිය.
මෙහිදී 10 හා 4 පූර්ණ සංඛ්‍යා නිසා 10/4 හි අගය 2 වේ. දශමස්ථානය නොසලකයි.
එවිට සුළු කිරීම පහත පරිදි වේ.
3+2*4
=3+8
=11

මොඩියුලො බෙදීම (Modulo Division)
මොඩියුලො බෙදීම ප්‍රායෝගිකව යෙදෙන අවස්ථාවක් සලකා බලමු
දී ඇති සංඛ්‍යාවක් ඔත්තේ හෝ ඉරට්ටේ බව නිර්ණය කරන්නේ කෙසේද?
if number %2==0: නවය දෙකෙන් බෙදූවිට ඉතිරිය බිංදුවට සමානදැයි බලයි
print 'Even number' බිංදුවට සමානනම් ඉරට්ටේ සංඛ්‍යාවක්(Even number) ලෙස ප්‍රදර්ශනය කරයි
elif number%2==1: නවය දෙකෙන් බෙදූවිට ඉතිරිය එකට සමානදැයි බලයි
print 'Odd number' එකට සමානනම් ඔත්තේ සංඛ්‍යාවක්(Odd number) ලෙස ප්‍රදර්ශනය කරයි
නවය දෙකෙන් බෙදූවිට ඉතිරිය එකට සමාන නිසා ප්‍රතිදානය
Odd number ලෙස ලැබේ
if,elif යෙදෙන අයුරු මෙතනින් ඉගෙන ගන්න.
අනෙකුත් පයිතන් පාඩම්
Friday, March 16, 2012
සංඛ්‍යා(Numeric Operations)
Sunday, March 11, 2012
විචල්‍යයන් (Variables)
පයිතන් install කරගත්තට පස්සෙ all programs-> IDLE(Python GUI) එක open කරගන්න.
පහත දක්වා ඇති පරිදි ටයිප් කරන්න
පයිතන් වලට හැකියාව තියෙනවා අපි ඇතුළත් කරන variable එකක data type එක දැක්වීමට.
a යනු integer අගයක්(පූර්ණ සංඛ්‍යාවක්) බවත්
b යනු string අගයක්(වචනයක්) බවත්
c යනු boolean අගයක් බවත්
type function එක මගින් ලබා ගත හැකියි.
Strings
String එකක් declare කරන්න පුලුවන් ආකාර තුනක් තියෙනවා.
නමුත් ඇයි මේ ආකාර තුනක්... ඒකට හේතුව ඇතැම් අවස්ථා වලදී වාක්‍යය තුළ ' හා '' ලකුණු යොදා ගැනීමට සිදුවීම.
උදා:-
මීළඟට අපි string operations කිහිපයක් සලකා බලමු.
x='Hello' කියන්නෙ 'Hello' කියන string එක x කියන variable එකේ රඳවා ගන්න කියන එක(assign)
x=='Hello' යනුවෙන් අදහස් කරන්නෙ x හි අගය 'Hello' වලට් සමානදැයි බැලීම.
එය සමාන වන නිසා True යනුවෙන් ප්‍රතිඵලයක් දක්නට ලැබෙන්වා.
x==y යනුවෙන් අදහස් කරන්නේ x හි අගය y හි අගයට සමානදැයි බැලීම...
x, yට අසමාන නිසා False ලෙස ප්‍රතිඵලය දක්වනවා.
upper function එකෙන් කෙරෙන්නේ දෙන ලද string එකක් සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි කැපිටල් අකුරු බවට පරිවර්තනය කිරීම..
lower function එකෙන් කෙරෙන්නේ දෙන ලද string එකක් ඉංග්‍රීසි සිම්පල් අකුරු බවට පරිවර්තනය කිරීම.
අනෙකුත් පයිතන් පාඩම්
Thursday, March 8, 2012
පයිතන් ඉගෙන ගනිමු(Introduction)
උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය(AL ICT) විෂයක් විදියට හදාරන හැමෝටම උදව්වක් වෙන අරමුණෙන් මේ බ්ලොග් එක ලියන්න පටන් ගත්තේ. විශේෂයෙන්ම විෂය නිර්දේශයට අයත් ප්‍රායෝගික කොටස් වලට අත් වැලක් වෙන්න බලාපොරොත්තු වනවා. බොහෝ දෙනාට පයිතන් ඉගෙනුමට මනා ප්‍රවේශයක් ලබා ගැනීමට අපහසුයි. අදාල සම්පත් නොමැතිවීම හා විශේෂයෙන් ප්‍රායෝගික ගැටලු නිරාකරණය කර ගැනීමට විධිමත් මාර්ගයක් නොමැතිවීම එයට ප්‍රධාන හේතුවක්. ඒ වගේම සිංහල බසෙන් පළ වන පොත් පත් සොයා ගැනීමට නොමැති තරම්. ඒ සියල්ලටම විසඳුමක් ලෙස උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය හදාරන අයට මේ blog එක යොදා ගැනීමේ හැකියාව තිබෙනවා. සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම හදාරන සිසුන්ට උපකාරී වන අයුරින් සාමාන්‍ය ව්‍යවහාරයේ යෙදෙන වචන යොදාගෙන මෙහි පැහැදිලි කිරීම් සිදුකර තිබෙනවා. සිංහල බසින් විෂය හදාරන අයෙකුට කිසියම් ඉංග්‍රීසි වචනයකට අදාල සිංහල වචනය දැනගත යුතුනම් එය පහත link එක මගින් සිදුකළ හැකියි.
sinhala ICT glossary
ඔබේ ගැටළු මේ විද්‍යුත් ලිපිනයට යොමු කරන්න.(dumindaukk@gmail.com)
ඔයාල දන්නවා පරිගණක භාෂාවකින් කරන්නේ පරිගණක සඳහා වැඩසටහන් නිර්මාණය කිරීම, එහෙම නැතිනම් පරිගණකයට ක්‍රියා කරන්න ඕනෙ කොහොමද කියල උපදෙස් ලබා දෙන එක. පයිතන් කියල කියන්නේ ජාවා වලට පස්සෙ බිහිවුණ හොඳ පරිගණක භාෂාවක්. පයිතන් වල සුවිශේෂී ලක්ෂණ ගණනාවක්ම තියෙනවා.
*Program එකක් ලියන්න පාවිච්චි කල යුතු code lines ගණන අඩු වීම.
* පහසුවෙන් හා වේගයෙන් code කළ හැකි වීම
*ඉතා හොඳ inbuilt functions හා data structures තිබීම ආදී වශයෙන්...
*ඔයාල දන්නවද youtube, bittorrent වගේම හුඟක් GIS applications හදල තියෙන්නෙ පයිතන් වලින් කියලා.
පයිතන් ඉගෙන ගන්න යනකොට ඇතිවන මූලික ගැටලුවක් තමයි internet එකේ තියෙන code එකක් සමහර විට අපට ඒ විදියටම run කරන්න බැරි වීම. මේකට ප්‍රධාන හේතුවක් තමයි පයිතන් වල එක එක version එකෙන් version එකට commands වෙනස් වීම. ඒ නිසා syllabus එකට අනුව version එක 2.6 හෝ ඊට වඩා කලින් ආව එකක් පාවිච්චි කරනවනම් හොඳයි. මම උදාහරණ දක්වලා තියෙන්නෙ 2.5.4 version එකෙන්. ඔයාලට ඒක මේ link එකෙන් download කරගන්න පුලුවන්.
http://www.python.org/getit/releases/2.5.4/
අනෙකුත් පයිතන් පාඩම්
පයිතන් ඉගෙන ගනිමු
විචල්‍යයන්(Variables)
සංඛ්‍යා(Numeric Operations)
මොඩියුලො බෙදීම (Modulo Division)
සුළු කිරීමේ ප්‍රමුඛතාව(Order Of Numeric Operations)
බූලියන් ගණිත කර්ම(Boolean Operations)
if elif else හි යෙදීම්
පරිශීලක ආදාන(User Inputs)
range function
Continue Statement
Break Statement
Python Lists
Python Tuples
Python Dictionaries
Python Functions

Subscribe to:
Posts (Atom)